FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මේ වසරේ මාස 6ක් තුළ රාජ්‍ය ආදායම සියයට 27.1 කින් ඉහළට

FM Heart · 1 min read

The Heart Academy
මේ වසරේ (2026) ජනවාරි සිට ජුනි දක්වා කාලයේ දී මුළු රාජ්‍ය ආදායම සහ ප්‍රදාන රු.බිලියන 2956.0 ක් දක්වා සියයට 27.1 කින් වර්‍ධනය වී ඇත. ප්‍රදාන හැර මුළු රාජ්‍ය ආදායම වාර්‍ෂික ඇස්තමේන්තුවෙන් සියයට 56.1 ක් ළඟා කර ගැනීමට සමත්ව ඇත. ඒ අනුව ප්‍රදාන හැර මුළු රාජ්‍ය ආදායම රු.බිලියන 2954.2 ක් දක්වා සියයට 27.2 කින් වර්‍ධනය වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම ශක්තිමත් ආදායම් කාර්‍යසාධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ බදු ආදායම ඉහළ යෑම වේ. ආදායම් බදු, භාණ්ඩ හා සේවා මත පනවන බදු සහ විදේශ වෙළඳාම මත පනවන බදු මගින් ලැබුණු ආදායම් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස, සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2710.6 ක් දක්වා සියයට 25.9 කින් වර්‍ධනය වී ඇති බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්‍තාවේ දැක්වේ. ආනයන ආශ්‍රිත බදු සහ දේශීය බදු යන දෙඅංශයෙන්ම බදු එකතු කිරීම් ඉහළ යෑම පෙන්නුම් කරමින්, බදු ආදායම ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්‍තමේන්තුව ප්‍රධාන දායකත්වයක් ලබා දී ඇත. බදු නොවන ආදායම ද රු.බිලියන 243.6 ක් දක්වා සියයට 43.6 කින් සැලකිය යුතු ලෙස වර්‍ධනය වී ඇතැයි එම වාර්‍තාවේ තවදුරටත් දැක්වේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත
99mobile