FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කපිලගේ මරණයට අදාළ රස පරීක්‍ෂක වාර්‍තා ප්‍රමාද ඇයි?

FM Heart · 2 min read

The Heart Academy
උසාවියේ කරුණු දක්වන්න රස පරීක්‍ෂකට නියෝග අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්‍තා කොළඹ අපරාධ කොට්ඨාසයට ලබාදීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස රස පරීක්ෂකට ඊයේ (04 දා) කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. තවද සම්පූර්‍ණ මරණ පරීක්‍ෂණ වාර්‍තාව ලබාදීමට අධිකරණ වෛද්‍යවරයාට මහෙිස්ත්‍රාත්වරයා විසින් නොතිසි නිකුත් කරනු ලැබීය. කපිල චන්ද්‍රසේන මහතා මියගිය ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඖෂධ වර්‍ග හතර සම්බන්ධයෙන් ලැබිය යුතු රස පරීක්ෂක වාර්‍තාව මේ වෙන තෙක් ලැබී නොමැති බවත් අනෙක් වාර්‍තාවන් ලැබී ඇති බවත් විමර්‍ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටි අවස්ථාවේ මෙලෙස නියෝග කෙරිණි. කපිල චන්ද්‍රසේන මහතාගේ ඇපල් ජංගම දුරකථනයේ දත්ත තවත් මාස තුනකට සංරක්ෂණය කරන බවට ඇපල් සමාගම ඊමේල් හරහා දැනුම් දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය මහෙස්ත්‍රාත්වරයා හමුවේ දන්වා සිටියේය. අධිකරණ නියෝග ප්‍රකාරව සිදු කළ ඉල්ලීමට පිළිතුරු ලැබී ඇති ඇති බව වැඩිදුර වාර්‍තාවක් ගොනු කරමින් පොලීසිය දන්වා සිටියේය. ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීමට සිංගප්පූරුවේ සමාගමක් ඇතුළු ආයතන දෙකකින් ඉල්ලීම කර ඇති බව කී පොලිසිය ඊ සිම්පත සාමාන්‍ය සිම් පතක් ලෙස මුදා හැරීමට ඩයලොග් සමාගමට නියෝග කරන ලෙස කළ ඉල්ලීමට ද අවසර ලැබිණි. වැඩිදුර වාර්‍තා සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 02 තෙක් කල් තැබිණි. ඒ.ජේ.ඒ. අබේනායක
99mobile