FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉන්දියාවේ දී අභාවප්‍රාප්ත වූ නාවික හමුදා නිලධාරී කමාන්ඩර් සමීරගේ දේහය ශ්‍රී ලංකාවට

FM Heart · 1 min read

The Heart Academy
BIMSTEC-2026 සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ ජ්‍යෙෂ්ඨ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු නිලධාරියා ලෙස කටයුතු කළ කොමාන්ඩර් සමීර සමරකෝන්, හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත්හි ශ්‍රී විජයපුරම් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. ඒ අනුව, කොමාන්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ දේහයට ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් අශෝක වීරසේකර ඇතුළු කාර්‍යය මණ්ඩලය විසින් සහ ඉන්දීය නාවික හමුදාව විසින් අවසන් ගෞරවාචාර සිදුකිරීමෙන් අනතුරුව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට රැගෙන එනු ලැබීය.
99mobile