
කුඩු ගහන්න සල්ලි නොදුන්නාට බිරිඳට, දියණියට හා නෑනාට පොරවකින් ගසා සැමියා පැන ගිහින්
FM Heart · 1 min read
මත්කුඩු පානය කිරීම සඳහා මුදල් නොදුන්නේ යැයි ඇතිවූ ආරවුලකින් පසු බිරිඳට, දියණියට හා නෑනාට පොරවකින් පහර දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම පහරදීම පෙරේදා (03) පස්වරු 6.00 ට පමණ සිදුව තිබෙන බවත් තුවාල ලත් දියණිය 25 හැවිරිදි වියේ පසුවන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටින සැකකරු මෙයට පෙර ද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙකි. මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් විමර්‍ශන සිදු කෙරෙයි. සමන්ති වීරසේකර

