FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ට්‍රම්ප් දෙදරයි – ඇමරිකානු පුරවැසියන්ගෙන් ජනපතිට දැඩි තරවටුවක්

FM Heart · 3 min read

The Heart Academy
රිපබ්ලිකන් පක්ෂය කුණු කූඩෙට දමා මධ්‍ය වාර මැතිවරණයෙන් කොංග්‍රසයේ සම්පූර්‍ණ පාලනය සහ සෙනෙට් මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගනී ට්‍රම්ප්ගේ සියලු බලකොටු බිඳ වැටේ: වසර 50ක් තුළ ලැබූ දරුණුම පරාජය ඇමරිකානු මධ්‍ය වාර මැතිවරණය ඩිමොක්‍රටික් පක්ෂයට ඓතිහාසික ජයග්‍රහණ රැසක් හිමි කර දුන් මැතිවරණයක් බවට පත්වී තිබේ. ඩිමොක්‍රටික් පක්ෂය ඇමරිකානු කොංග්‍රසයේ සම්පූර්‍ණ පාලනය දිනා ගත් අතර, ඇමරිකානු පුරවැසියන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයට දැඩි තරවටුවක් ලබා දී තිබේ. ඩිමොක්‍රටික් පක්ෂය ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ලබාගෙන ඇති අතර, සෙනෙට් මණ්ඩලයේ බලය ද තමන් සතුකර ගෙන තිබේ. මේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව ජනපති ට්‍රම්ප් නිව්‍යෝර්‍ක් ටයිම්ස් පුවත්පතට පවසා තිබුණේ “මම එම ප්‍රතිඵල පිළිගැනීමට නියත වශයෙන්ම කැමැත්තෙන් සිටිමි. එසේම ඩිමොක්‍රටික් පක්ෂය සමග වැඩ කිරීමටත් කැමැත්තෙමි” යනුවෙනි. 2022 වසරෙන් පසු පළමු වතාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී තිබේ. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍ය කාලීන මැතිවරණයේදී ඡන්දදායකයින් විසින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලයේ ඉතිරි කාලය සඳහා කොංග්‍රසයේ පාලනය ඩිමොක්‍රටික් පක්ෂය වෙත පවරා දී තිබේ. මෙම ප්‍රතිඵලය ට්‍රම්ප් පරිපාලනයට මෙන්ම, මෙතෙක් වොෂින්ටනයේ බලය හෙබවූ රිපබ්ලිකන් පක්ෂයට ද එල්ල වූ දැඩි පසුබෑමකි. ලබන ජනවාරි මාසයේ සිට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරනු ඇත. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අවම වශයෙන් ආසන 229 ක් හිමිකර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර රිපබ්ලිකන් පක්ෂය අවම වශයෙන් ආසන 161 ක් හිමිකර ගනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ මැතිවරණයේදී ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු සියල්ල බිඳ වැටී තිබේ. සෙනෙට් මණ්ඩල මැතිවරණයෙන් පළමු පුදුම සහගත ජයග්‍රහණයක් වාර්‍තා කිරීමට ඇනී ඇන්ඩෲස් සමත් වූවාය. ඒ, සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්ගේ අභාවයෙන් පසු එම ධූරයට පත් කරන ලද ඔහුගේ සහෝදරිය වන ඩාලින් ග්‍රැහැම් පරාජයට පත් කරමිනි. මීට මාස කිහිපයකට පෙර දේශපාලන විචාරකයන් කිසිවකුත් මෙම ආසනය ඩිමොක්‍රටික් පක්ෂයට ජයගත හැකි එකක් ලෙස සලකා තිබුණේ නැත. වසරකට පෙර දැඩි තරගකාරීත්වයක් පවතිනු ඇතැයි සිතූ සෙනෙට් ආසන දෙකක් ඉතා පහසුවෙන් ජය ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී තිබේ. ඒ ජෝර්‍ජියා ප්‍රාන්තයේ ජෝන් ඔසොෆ් නැවත තේරී පත්වීම සහ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂය සතුව තිබූ ආසනයයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය වසර 50 ක් තුළ ඔවුන් ලැබූ දරුණුතම පරාජය මෙය බව විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ. ඉරානයේ යුද්ධය සහ ඉන්ධන පිරිවැය නිසා මහජන කෝපය ට්‍රම්ප් පරිපාලනයට අයහපත් ලෙස බලපෑ බව පෙනේ. ට්‍රම්ප් පරිපාලනයේ ඉරානයට එරෙහි යුද්ධය කෙරෙහි මහජන අකැමැත්ත හා කෝපය මේ ප්‍රතිපල හරහා පැහැදිලිව නිරීක්ෂණය වන බව විචාරකයෝ පවසති. දකුණු කැරොලිනා ප්‍රාන්තයේ කළු ජාතිකයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ඩිමොක්‍රටික් සෙනෙට් අපේක්ෂක ඇන්ඩෲස් ලබා ගත් ඡන්ද ප්‍රමාණය, 2024 වසරේදී කමලා හැරිස් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩිය. එමෙන්ම 2024 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ මියාමි-ඩේඩ් ප්‍රාන්තයේ ද දැන් නැවතත් ඩිමොක්‍රටික් අපේක්ෂකයන් පෙරමුණට පැමිණ ඇත. චතුර පමුණුව
99mobile