
විදුලි බිල සියයට 1.46 කින් වැඩි කරන්න – උපයෝගිතා කොමිසමෙන් යෝජනා
FM Heart · 1 min read
සමාගම සියයට 2.88ක් ඉල්ලයි මෙම වසරේ සිව්වන කාර්‍තුව සඳහා ගාස්තු සියයට 1.46කින් විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික පද්ධති ක්‍රියාකාර සමාගම විසින් විදුලි ගාස්තු සියයට 2.88 කින් ඉහළ දැමීමට අනුමැතිය ඉල්ලා එම කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ලේඛන සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව ඉහත යෝජනාව ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් එම යෝජනාව සහ අදාළ ගණනය කිරීම් සමාලෝචනය කිරීමෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සියයට 1.46ක් දක්වා ගාස්තු සංශෝධනය කළ යුතු බවට යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් අද (5 දා) විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වෙන බවත් එහිදී ඉදිරිපත් වන අදහස් හා යෝජනා සලකා බැලීමෙන් පසු සිව්වන කාර්‍තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය තීරණය කරන බවත් එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. චමින්ද සිල්වා

