
චිත්‍රපට සංස්ථාවට ලොකු චෝදනාවක්.. සංස්ථාවෙන් ප්‍රතිචාර..
FM Heart · 2 min read
ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය මගින් අවධාරණය කෙරෙන්නේ, අදාළ පුද්ගලයා විසින් රජය, අදාළ අමාත්‍යාංශය, චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සහ එහි නිලධාරීන් අපකීර්තියට පත් කරමින් සිදුකරන ලද මෙම අපහාසාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් දැඩි අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. රිට්මා මණ්ඩලය හරහා තිරගත කිරීමට චිත්‍රපට තෝරාගනු ලබන්නේ කිසිදු පුද්ගලික හිතුමතයකට අනුව නොව විධිමත් කමිටු ක්‍රමවේදයක් ඔස්සේ බව සංස්ථාව පැහැදිලි කරයි. ඒ අනුව, අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලත් සිනමාහල් හිමියන්, කාර්මික ශිල්පීන් සහ සිනමා විචාරකයින් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයකින් අවම වශයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත පූර්ව තේරීම් කමිටුවක් මගින් චිත්‍රපට නරඹා නිර්දේශ කරනු ලබයි. එහිදී, යන කාණ්ඩයන්ට මුල්තැන දෙමින් ප්‍රදර්ශනය සඳහා අවස්ථාව සලසා දෙන බව එම නිවේදනයේ විස්තර කර ඇත. සිනමා කර්මාන්තයට සම්බන්ධ අයෙකු සභාපති ධුරයට පත්කිරීම තුළින් 'බැඳියාවන් අතර ගැටුමක්' නිර්මාණය වන බවට නගන චෝදනාව නීතිය පිළිබඳ නොදැනුවත්කම මත සිදුකළ එකක් බව චිත්‍රපට සංස්ථාව පෙන්වා දෙයි. 1971 අංක 47 දරන (සංශෝධිත) ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 7(1)(ඇ) වගන්තියට අනුව, අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් 6 දෙනා අතුරින් දෙදෙනෙකු (02) චිත්‍රපට කර්මාන්තය පිළිබඳ අත්දැකීම් සහිත පුද්ගලයන් විය යුතු බවට ව්‍යවස්ථාපිතවම නියම කර තිබේ. අතීතයේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරානි, දමිත් ෆොන්සේකා, සනෝජා බිබිලේ, රේණුකා බාලසූරිය, නදීකා ගුණසේකර වැනි ප්‍රවීණ සිනමාවේදීන් මෙන්ම ආරම්භක සාමාන්‍යාධිකාරී ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, ප්‍රවීණ සිනමා අධ්යක්ෂ ආචාර්ය තිස්ස අබේසේකර සහ ප්‍රවීණ කැමරා අධ්යක්ෂ සුමින්ද අමරසිංහ යන සිනමා ක්ෂේත්රයේ දැවැන්තයන් සංස්ථාවේ ඉහළ තනතුරු සහ සභාපති ධුරයන් හෙබවූයේ එම නීතිමය ප්‍රතිපාදන මත බව මෙහිදී සිහිපත් කර ඇත. තවද, පනතේ 7(2) වගන්තිය යටතේ දක්වා ඇති මන්ත්‍රී ධුර දැරීම, සංස්ථාව සමඟ මූල්‍යමය හෝ ව්‍යාපාරික ප්රතිලාභ ලැබීම වැනි කිසිදු නුසුදුසුකමක් වත්මන් සභාපතිවරයා හෝ අධ්යක්ෂ මණ්ඩලය හමුවේ නොමැති බවද එහි දැක්වේ. 'MY RED COMRADE' සිනමාපටය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් හිටපු සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා හෝ සංස්ථා නිලධාරියෙකු අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බවට සිදුකර ඇති ප්‍රකාශය පදනම් විරහිත අභූත චෝදනාවක් බවත්, හිටපු සභාපතිවරයා වෙත එල්ල කළ එම අපහාසාත්මක ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සංස්ථාව වැඩිදුරටත් කියා සිටී.

