
ලංකා අයි ඕ සී සහ සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල යළිත් ඉහළ දමයි
FM Heart · 1 min read
ලංකා ඉන්දියන් ඔයිල් හා සයිනොපෙක් සමාගම් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක්. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පසුගියදා පළමු වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමුවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 15කින්. ඒ අනුව ඔවුන් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් අළෙවි කරන්නේ රුපියල් 490ක මිලකටයි. එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 424ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 397ක් වනවා. එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක් අළෙවි කෙරෙන්නේ රුපියල් 543ක මිලටකටයි. .

