
පාර්‍ලිමේන්තුව රැස්වේ
FM Heart · 1 min read
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දිනට නියමිත පාර්‍ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. අද දිනයේදී 1983 කලු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්‍ණ අධ්‍යයනයක් සිදුකර වාර්‍තා කිරීමටත් ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්‍දේශ පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්‍ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පාර්‍ලිමේන්තු සජීවී රැස්වීම පහතින් සජීවීව නරඹන්න… https://www.facebook.com/SriLankanParliament/videos/1444935641167516/ YouTube – https://youtube.com/live/1L114IuRLDw?feature=share Webcast – https://rebrand.ly/parliament-webcast

