FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

වරායෙන් බාන මිලට තෙල් දෙන්න බෑ.. ලෝකෙ කිසි රටක එහෙම නෑ ඒව බොරු තර්‍ක..- බලශක්ති ඇමති

FM Heart · 2 min read

The Heart Academy
දෙරණ '360' දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. ඉන්ධන සඳහා අය කෙරෙන බදු අඩු කර ජනතාවට සහන සැලසීම සහ රජය මැදිහත් වී සෘජු සහනාධාර ලබාදීම යන ක්‍රමවේද දෙකෙහිම මූල්‍යමය වශයෙන් කිසිදු වෙනසක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ක්‍රම දෙකෙන්ම අවසානයේ අහිමි වන ආදායම දැරීමට සිදුවන්නේ මහා භාණ්ඩාගාරයට බව අවධාරණය කළේය. ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමේ අර්‍බුදය මතු වූ ආරම්භක අවස්ථාවේදීම රජය මැදිහත් වී රුපියල් බිලියන 57 ක දැවැන්ත මුදලක් ඉන්ධන සහනාධාරය සඳහා වෙන් කිරීමට පියවර ගත් බවද ඔහු සිහිපත් කළේය. පෙට්‍රල්වලට වඩා ඩීසල් යනු රටේ පොදු ප්‍රවාහනය, කෘෂිකර්‍මාන්තය සහ සමස්ත කාර්‍මික නිෂ්පාදන පද්ධතිය සමඟ සෘජුව බැඳී පවතින සාධකයක් බැවින් ඩීසල් සඳහා ලබාදෙන සහනාධාරය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඒ අනුව වෙන් කෙරුණු රුපියල් බිලියන 41 ක මුදලින් ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන 15 ක් දැනටමත් ලබා දී ඇති අතර, නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක සඳහා ඉතිරි රුපියල් බිලියන 26 ක මුදල වෙන් කර ඇත. පසුගිය කාලය පුරා ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඩීසල් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකිවුවද, පාලනය කළ නොහැකි බාහිර සාධකයක් වූ මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, පෙර පැවති පාලනයන් මෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි දැවැන්ත ණය කන්දරාවක සිර නොකර, නිසි මූල්‍ය කළමනාකරණයක් ඔස්සේ භාණ්ඩාගාර ප්‍රතිපාදන මඟින් මෙම අර්‍බුදය සමනය කරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය. වරායෙන් ගොඩබාන මුදලටම පාරිභෝගිකයාට ඉන්ධන ලබාදිය යුතු බවට නගන තර්‍ක සම්පූර්‍ණයෙන්ම ප්‍රායෝගික නොවන බව පැවසූ අමාත්‍යවරයා, ලෝකයේ කිසිදු වෙළෙඳපොළ ආර්‍ථිකයක් සහිත රටක එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවත්, අතීතයේ ලිබියාව වැනි තෙල් සම්පත බහුල රටවල පවා පැවතියේ රාජ්‍ය අනුග්‍රහය මත පදනම් වූ දැඩි සහනාධාර ප්‍රතිපත්තියක් පමණක් බවත් වැඩිදුරටත් කියා සිටියේය.
99mobile