.jpeg)
විෂ වායු ආග්රහණය වීමෙන් දෙදෙනෙකු මරුට...
FM Heart · 1 min read
අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවල නුවරඑළිය මීපිලිමාන ප්රදේශයේ ඉදි කරන සංචාරක හෝටලයක ඉදි කිරිම් කටයුතු සිදු කරන බවත්, එම සංචාරක හෝටලය ඉදි කරන තෙක් ඒ අසළම තාවකාලිකව කුලී පදනම මත නිවසක් ලබා ගෙන එහි රැදී සිටි ඇති බවයි සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ. නුවරඑළිය ප්ර දේශයේ පවතින අධික සීතලත් සමග බාබිකිව් උදුණුක ගිනි මොළවා ගෙන කාමරයේ තබා ගනිමින් එම යුවල නින්දට ගොස් ඇති බවත්, (03) දින අලුයම එම අඹුසැමි යුවලගේ දුරකථනවලට ඥාතීන් ඇමතුම් ලබා ගෙන ඇතත්, එම ඇමතුම්වලට ප්රතිචාර නොදැක්වීම නිසා ඥාතීන් ප්රදේශයේ ග්රාමසේවා නිළධාරිවරයාට ඒ බව දැනුම් දීමෙන් පසු ග්රාමසේවා නිළධාරිවරයා එම නිවසට ගොස් පරික්ෂා කිරිමේදි දෙදෙනා මිය ගොස් ඇති බවට සැළවීමත් සමග ග්රාම සේවා නිළධාරිවරයා විසින් ඒ බව නානුඔය පොලිසිය වෙත දැනුම් දී ඇත. මිය ගිය අඹුසැමි යුවලේ පිරිමි පුද්ගලයා නැවක කපිතාන්වරයෙකු බවත්, ඔහු 52 හැවිරිදි වියේ සහ ඔහුගේ බිරිද 46 හැවිරිදි වියේ පසුවන බව නානුඔය පොලිසිය පැවසීය.

