FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයට බලපෑම්

FM Heart · 1 min read

The Heart Academy
පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් බදුලු ඔය රක්ෂිතය ආශ්‍රිත දෙපස පදිංචිකරුවන් දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ඇල්ල වැල්ලවාය මාර්‍ගයට රාවණා ඇල්ල දිය ඇල්ලට නුදුරින් විශාල ගස් දෙකක් කඩා වැටීම හේතුවෙන් එම මාර්‍ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. එමෙන්ම බණ්ඩාරවෙල මකුල්ඇල්ල මාර්‍ගයට මැදපතන ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී එම මාර්‍ගය අවහිර වී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. එමෙන්ම බණ්ඩාරවෙල නායබැද්ද මාර්‍ගයට ද පස්කදු කඩා වැටී තිබෙනවා. .
99mobile