FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලංකාවේ එකම හා පැරණිතම රංග කලා මධ්‍යස්ථානය සීගිරියෙන් සොයා ගැනේ

FM Heart · 1 min read

The Heart Academy
අටවැනි ලෝක උරුමය ලෙස මෙරට පිහිටි ප්‍රධානතම පුරාවිද්‍යා බළකොටුවක් වන සීගිරි රාජධානියේ මීට වසර 40කට පෙර කැණීම් කළ භූමියක රඟහලක් පැවැති බවට පළමුවරට හඳුනාගෙන ඇති බව පර්‍යේෂකයෝ පිරිසක් සඳහන් කරති. හිටපු වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ මහාචාර්‍ය පී.බී. මණ්ඩාවල මහතා හා ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය තරංග කපුගේ මහතා විසින් මෙම පර්‍යේෂණය සිදුකර ඇත. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය තරංග කපුගේ සීගිරි රඟහල ශ්‍රී ලංකාවෙන් හමුවූ එකම හා පැරණිතම, හොඳින් සංරක්ෂණය කළ රංග කලා මධ්‍යස්ථානය ලෙස ද දකුණු ආසියාවේ හොඳින් සුරක්ෂිත වූ අංගසම්පූර්‍ණ රඟහල ලෙස ද සැලකිය හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය තරංග කපුගේ මහතා පවසයි. සීගිරි රඟහලේ නිර්‍මාණ සැකැස්ම, එහි උන්නතාංශ, හැඩතල, දිශානතිය, පිවිසුම් හා ධ්වනි සලකා බැලීමේදී මෙය ග්‍රීක හා ඉන්දියානු නාට්‍ය හා ගෘහ නිර්‍මාණ ශිල්පයේ මූලධර්‍ම සමග සමපාත වේ. ග්‍රීක හා ඉන්දියාවේ ප්‍රසිද්ධ රංග කලා දර්‍ශනය හා සසඳන විට සීගිරිය අනෙකුත් ශ්‍රේෂ්ඨ සංස්කෘතීන්ට සම වන රංග කලා සන්දර්‍භයක් සහිත රාජධානියක් ලෙස පෙනී යන බව මෙහි පර්‍යේෂකයන් අවධාරණය කර ඇත. කමල් බෝගොඩ
99mobile