
රාජ්‍ය ආයතන 33ක් ඈවර කිරීමට පියවර
FM Heart · 2 min read
තවත් 51 ක් රු. බිලියන 259 ක් ලාභ ලබයි මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතුවල නිරතව සිටින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ බවය. එසේම 2026 අයවැය යෝජනාවලට අනුකූලව තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝෂික ගෙවීම්වලට අදාළව දීර්ඝ කාලයක් පවතින හිඟ වගකීම් පියවීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරමින් සිටින බව ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කියයි. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්රයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති නමුත් එම අභියෝග මධ්‍යයේ වුවද ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51 ක් 2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 259.3ක සමස්ත ලාභයක් වාර්තා කර ඇති බව අමාත්‍යාංශය අනාවරණය කර තිබේ. එම ව්‍යවසායන් 2025 වසරේ පළමු මාස හය තුළ වාර්තා කර තිබූ සමස්ත ලාභය රුපියල් බිලියන 227.8කි. ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හය තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 51ක සමස්ත ලාභය රුපියල් බිලියන 31.5කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

