FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොබෙයිගනේ පොලිසියේ සැරයන් ඇතුළු 6 දෙනාම යළි රිමාන්ඩ්

FM Heart · 2 min read

The Heart Academy
අත්අඩංගුවේදී සැකකරුවකු මියයෑම සියලු විමර්‍ශන නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්‍ශන අංශයට පවරයි කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් සැරයන්වරයා සහ සිවිල් සැකකරුවන් පස්දෙනා මෙම මස 12 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් දිනිති දයාරත්ත මෙනවිය නියෝග කළාය. ඒ මෙම සිද්ධියට අදාළ නඩුව නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (2දා) යළි කැඳවූ අවස්ථාවේදීය. කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන තරුණයාට යම් කිසි පිරිසක් පහර දෙන අයුරු දැක්වෙන දර්‍ශන රූගතව ඇති බවට සැක කෙරෙන සීසීටීවී දර්‍ශනවලට අදාළ ඩී.වී.ආර්. යන්ත්‍රය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්‍තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්‍ශන අංශයට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය එළඹෙන 12දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය. මෙසේ යළි රක්‍ෂිත බන්ධනාගාරගත කළේ කොබෙයිගනේ පොලිසියේ සේවය කළ සැරයන්වරයකු සහ සිවිල් සැකකරුවන් පස්දෙනෙකි. මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්‍ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අංශ කිහිපයක් ඔස්සේ පුළුල්ව විමර්‍ශන සිදු කරමින් පවතින බවයි. ඒ අනුව සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසටද කොට්ඨාස අපරාධ විමර්‍ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කොබෙයිගනේ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී තරුණයකු මියයෑමේ සිද්ධියට අදාළව කොබෙයිගනේ පොලිසිය සිදු කළ සියලු විමර්‍ශන කොබෙයිගනේ පොලිසියෙන් ඉවත් කොට නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්‍ශන අංශයට පවරනු ලැබීය. ඒ 2 සිට 6 දක්වා වන සිවිල් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදයංග අතපත්තු මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් නිකවැරටිය මහෙස්ත්‍රාත් දිනිති දයාරත්න මෙනවිය ලබා දුන් නියෝගයකට අනුවය. පැමිණිල්ල වෙනුවෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්‍ශන අංශයේ නිලධාරීන් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උදයංග අතපත්තු සහ නීතිඥ සාලිය තෙන්නකෝන් යන මහත්වරු පෙනී සිටියහ. අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද
99mobile