
ත්‍රිකුණාමලේ වෙඩි වැලක්.. දෙදෙනෙකු මරුට.. අයෙකු රෝහලේ..
FM Heart · 1 min read
පොලිස් මූලික විමර්‍ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය සහ ප්‍රහාරය සඳහා ටී-56 වර්‍ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් යොදාගෙන ඇති බවයි. අදාළ ත්‍රිරෝද රථය ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනාම බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත කඩිනමින් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අයෙකු තවදුරටත් දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

