
මාලිමා ආණ්ඩුව කිසිදු නව බද්දක් පනවා නෑ.. ජනතාවට සහන දුන්නා..
FM Heart · 1 min read
රටේ ආර්‍ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළදී ජනතාව පීඩාවට පත් නොවන අයුරින් කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, නව බදු පැනවීම වෙනුවට පැවති බදු පවා යම් මට්ටමකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේය. පෙර පැවති පාලනයන්ගේ බදු ක්‍රමවේදය සහ වත්මන් ආණ්ඩුව ගෙන ඇති සහනදායී තීන්දු පිළිබඳව කරුණු පැහැදිලි කළ චන්දන සූරියආරච්චි මහතා මෙසේ ද පැවසීය. "ජාතික ජන බලවේගය ආණ්ඩු බලය භාරගන්නා අවස්ථාව වන විට මෙරට ජනතාවගේ මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන විටම උපයනවිට බද්ද (PAYE Tax) අය කිරීමට එවකට සිටි ආණ්ඩුව කටයුතු කර තිබුණා. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම බදු අය කිරීමේ මූලික සීමාව රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ දැමීමට පියවර ගත්තා. ඒ හරහා රජයේ භාණ්ඩාගාරයට ලැබීමට නියමිතව තිබූ සැලකිය යුතු බදු ආදායම් ප්‍රමාණයක් පවා අහිමි කරගනිමින්, ජනතාවට සහන සැලසීමට අප කටයුතු කර තිබෙනවා."

