FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නිලධාරියාගේ තුවක්කුව උදුරා සිරගෙයින් පනින්න ගොස් ගැබිණි බිරියට දුකක් ඉතිරි කළ සිරකරුවා!

FM Heart · 1 min read

The Heart Academy
මහනුවර පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ බව කියන රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. නොවැම්බර් 01 වනදා රාත්‍රී 8.00 ට පමණ මෙම අනපේක්ෂිත සිද්ධිය සිදුවී ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා ප්‍රකාශ කළේ, අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකු සතුව තිබූ ගිනිඅ#ය උදුරාගැනීමට තැත් කිරීමත් සමඟ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මත්ද්‍#ව්‍ය ග්‍රෑම් 7ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි මොහු, සිද්ධිය වන විට සතියක පමණ කාලයක සිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අයෙකි. වෙ#වැදීමෙන් බරපතල තුවාල ලැබූ රැඳවියාගේ මෘත ශරීරය එදින රාත්‍රියේම මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත. සිද්ධිය සැලවීමත් සමඟ මි#ගිය තරුණයාගේ ඥාතීන් රැසක් ද රෝහල වෙත පැමිණ සිටියහ. අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, මියගිය තරුණයා මීට මාස 6කට පමණ පෙර විවාහ වී ඇති අතර, ඔහුගේ බිරිඳ මේ වන විට මාස 2ක ගැබිනියක් බව ද වාර්‍තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව සහ පොලිසිය මගින් වැඩිදුර විමර්‍ශන පවත්වයි.
99mobile