
කුක් දූපතෙහි වසර තුනක් තිස්සේ සිරවී සිටින ලාංකික කාන්තාවක් : ලංකාවට එන්න රටවල් දෙකක්ම ට්‍රාන්සිට් වීසා දෙන්නේ නෑ!
FM Heart · 2 min read
දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් සමූහයක් වන කුක් දූපත් (Cook Islands) වෙත ගොස්, වසර තුනකට වැඩි කාලයක් පුරා එරටින් පිටවීමට නොහැකිව අසරණවී සිටින 50 හැදි ජාතික රුචිරා රණසිංහ නමැති ශ්‍රී ලංකා කාන්තාවක් පිළිබඳව බීබීසී (BBC) පුවත් සේවය අනාවරණ කර තිබෙනවා. එම වාර්තාවට අනුව, මීට වසර දහයකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති ඇය, පසුව නවසීලන්තය වෙත ගොස් ඇත්තේ එරට රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන්. එහිදී ඇය දේශපාලන රැකවරණ ඉල්ලා සිට ඇති අතර, පසුව ඇයට විවෘත වැඩ බලපත්‍රයක් ලැබී තිබෙනවා. කෙසේ වෙතත්, රැකියා වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විදේශයක සිට නැවත අයදුම් කළ යුතු බවට ආගමන උපදේශකයෙකු දුන් වැරදි උපදෙසක් මත ඇය කුක් දූපත් වෙත පැමිණ ඇති බවයි එම වාර්තාවේ සඳහන්. නමුත් ඇය නවසීලන්තයෙන් පිටවීමත් සමඟ ඇයගේ පැවති වීසා බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය වී ඇති අතර, නවසීලන්ත බලධාරීන් ඇයගේ නව වීසා ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එපමණක් නොව, ඇයව මව්බිමට හෝ වෙනත් රටකට යාමට අවශ්‍ය කරන අතරමඟ සංක්‍රමණික වීසා (Transit Visa) ලබා දීම නවසීලන්තය මෙන්ම ඕස්ට්‍රේලියාව ද ප්‍රතික්ෂේප කර ඇති අතර, වෙනත් විකල්ප ගමන් මාර්ගයක් වන හවායි හෝ ටහීටි හරහා යාමට අවශ්‍ය ජෛවමිතික දත්ත (Biometrics) ලබා දීමට නම් ඇය නවසීලන්තයටම යා යුතු වීම මෙම අර්බුදය තවත් සංකීර්ණ කර තිබෙන බවයි එම වාර්තාව සඳහන් කරන්නේ. ඒ අනුව, තම එකම පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගී වීමට සහ සිය මව මුණගැසීමට ඇය දැඩි ලෙස අපේක්ෂා කළ ද, ගුවන් ගමන් බලපත්‍ර හෝ අතරමඟ සංක්‍රමණික වීසා (Transit Visa) නොමැති වීම නිසා ඇයට දූපතෙන් එළියට පැමිණීමට නොහැකි වී තිබෙනවා. කුක් දූපත්හි හෝටලයක සේවක වාසස්ථානයක නොමිලේ නතර වී සිටින ඇය, ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සහ ලැබුණු මහන මැෂිමකින් කුඩා ආදායමක් උපයා ගනිමින් ජීවිතය ගැටගසා ගන්නා අතර, මේ වන විට නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ගැටළුව විසඳා ගැනීමට සහ ඇයව නැවත මව්බිමට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවරමින් සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. එහෙත්, නිසි ක්‍රමවේදයකින් තොරව ලබා දුන් වැරදි ආගමන උපදෙස් හේතුවෙන් මේ වන විට නීතිමය උගුමක හිරවී සිටින මෙම මවගේ මානසික සෞඛ්‍යය ද දැඩි ලෙස පිරිහී ඇති බව ඇයගේ පවුලේ සාමාජිකයින් පවසනවා.

