
පුනරුද ආණ්ඩුවේ වසර දෙකට ජනතාවට පීඩා ගෙනා බදු සංශෝධන 12 ක්..
FM Heart · 2 min read
වසර දෙකට ජනතාවට පීඩා ගෙනා බදු සංශෝධන 12 ක් කර ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරනවා. එම පුවත්පත් නිවේදනය පහතින් නව රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය වසර දෙක තුල රාජ්‍ය ආදායම ඉහළ නංවමින්, ජනතාව මත බදු බර වැඩි කළ සංශෝධන 12 කි. සමාජයේ සෑම ආර්ථික මට්ටමක් නියෝජනය කරන පිරිසකටම මෙම බදු සංශෝධන කිහිපයක් හෝ බලපානු ලබයි. උද්ධමනය ඉහළ යාම, මුදල් හුවමාරුව සීමා වීම, දරිද්‍රතාව ඉහළ නැංවීමටත්, ආයෝජන පහල වැටීමට මෙන්ම සෘජු විදේශීය ආයෝජන අධෛර්ය වීමටත් ගෙවීගිය වසර දෙක තුල සිදු වූ නව බදු සංශෝධන හේතු වි ඇත. ආහාර සපයා ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්රවාහණය, මාර්ගගත ව්‍යාපාර සඳහා මෙහි බලපෑම එල්ල වේ. රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සඳහා මෙම බදු ඉලක්ක වී ඇත. මහා පරිමාණ ව්‍යාපාරයන්ට සාපේක්ෂව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට බදු සංශෝධන මගින් වැඩි පීඩණයක් එල්ලවී ඇත. 1. සුරාබදු (2025 ජනවාරි): මත්පැන්, සිගරට්, දුම්කොළ, පැණිරස බීම සහ මෝටර් රථ සඳහා වූ සුරාබදු 6%කින් පමණ ඉහළ දමන ලදී. 2. විද්‍යුත් වාහන (EV) බද්ද (2025 පෙබරවාරි): විද්‍යුත් වාහන සඳහා පැවති සුරාබදු අනුපාත 100%කින් (දෙගුණයකින්) වැඩි කරන ලදී. 3. වාහන ආනයන බද්ද (2025 පෙබරවාරි): පැවති රේගු බදු නිදහස් කිරීම් ඉවත් කර 20%ක ආනයන බද්දක් හඳුන්වා දුන් අතර, 50%ක අතිරේක බද්දක් (Surcharge) සමඟ සමස්ත බද්ද 30%ක් දක්වා ඉහළ නැංවීය. 4. රඳවා ගැනීමේ බද්ද – WHT (2025 අප්‍රේල්): බැංකු තැන්පතු පොලී මත අය කළ බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කෙරුණි (අඩු ආදායම්ලාභීන්ට ස්වයං-ප්‍රකාශන මඟින් මීට සහන ලබාගත හැක). 5. ආයතනික ආදායම් බද්ද (2025 අප්‍රේල්): මත්පැන්, දුම්කොළ සහ ඔට්ටු ඇල්ලීම්/සූදු ව්‍යාපාරවල නිරත සමාගම් සඳහා වූ බද්ද 40% සිට 45% දක්වා ඉහළ නැංවීය. 6. සේවා අපනයන බද්ද (2025 අප්‍රේල්): මීට පෙර බදු නිදහස් කර තිබූ සේවා අපනයන සහ විදේශීය

