FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පොහොට්ටුවට ජනාධිපති අනුර කුමාරගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් විශාල ගැටලුවක්

FM Heart · 1 min read

The Heart Academy
රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පැනනැඟී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා . ජනාධිපතිවරයා මනෝ විකල තත්ත්වයකින් කටයුතු කරන්නේ නම්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුව දෝෂාභියෝගයක් හරහා බලයෙන් පහ කළ හැකි බවයි (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ. ඔහුගේ සිහිබුද්ධිය නැති බවට පසුගිය සෙනසුරාදා සිදුකළ ප්‍රකාශයක් හරහා මනාව පැහැදිලි වූ බවත්, එහිදී කිසිදු බද්දක් අලුතෙන් පනවා නොමැති බව ද, බලයට පැමිණීමේදී තිබුණු බදු ප්‍රමාණය ඉදිරියට ගෙන ගිය බව ද ලෙසින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණු බවත් සාගර කාරියවසම් පවසා සිටියා. වත්මන් ජනාධිපතිවරයා පත්වූ පසු බදු රැසක් වැඩි කර ඇති බවත්, අලුත් බදු එකතු කර‍ගෙන ‘බදු අය කර ගැනීමේ රාජ්‍යයක්’ බිහිකළ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිදුකළ ඉහත ප්‍රකාශය හරහා පැහැදිලි වන්නේ, මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුට කිසිදු අවබෝධයක් නොමැති බව යැයි හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. -newshub
99mobile