FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක දුමාරයක්

FM Heart · 1 min read

The Heart Academy
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්‍න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක, භාණ්ඩ ගබඩා කර තිබූ පහත මාළයෙහි දුමාරයක් හටගෙන තිබෙනවා. ඒ අනුව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර , එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගත් බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසුවේ. එලෙස දුමාරයක් හටගෙන ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයේයි. අදාළ ගුවන් යානය හදිසි ගොඩබැස්සවීමට අවශ්‍ය ගිනිනිවීම් රථ , වෛද්‍යවරුන් , හෙදියන් , ගලවා ගැනීමේ භටයන් , ගිලන් රථ සහ ගුවන් තොටුපොළ අවට රෝහල් ද සූදානමෙන් තැබීමටයි පියවර ගෙන තිබුණේ. එහෙත් එම ගුවන් යානය කිසිදු ආපදාවකින් තොරව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ගුවන් නියමුවා සමත් වී තිබෙනවා. ඒ 330 එයාර් බස් වර්‍ගයේ පුළුල් බද සහිත ගුවන් යානයක් වූ එහි ගුවන් මගීන් 258 දෙනෙකු සහ ගුවන් යානා කාර්‍යය මණ්ඩලය 15 දෙනෙකු සිටි බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැවසුවා. .
99mobile