FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බංග්ලාදේශ ඇගළුම් කම්කරුවන් තුන්වන දිනවටත් විරෝධතාවයේ

FM Heart · 1 min read

The Heart Academy
ලැබෙන අඩු වේතනයට සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව බංග්ලාදේශයේ කාර්‍මික කලාපයන්හි ඇඟලුම් කම්කරුවන් ආරම්භ කර ඇති දැවැන්ත විරෝධතාවන් හේතුවෙන් එරට ඇඟලුම් කර්‍මාන්තශාලා සිය ගණනක කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. සාචාර්, අෂූලියා සහ ගාසීපූර් යන ප්‍රදේශයන්හි අඛණ්ඩව තුන්වන දිනටත් අද විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. ඒ අනුව එරට කාර්‍මික ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම විරෝධතාවලින් පසු කර්‍මාන්තශාලා 500ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි සදහන්. වීථි බැස සිටින දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබෙනවා. .
99mobile