FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රටක් වෙනස් කළ නෙත් එෆ් එම් අද 22 වන වසරට පා තබයි – කලා තරු සමගින් සැමරුම් වැඩසටහන් දවස පුරා

FM Heart · 4 min read

The Heart Academy
මෙරට මාධ්‍ය කේෂේත්‍රයේ සුවිශේෂී සළකුණක් තැබූ නෙත් එම් රේඩියෝව අද සිය 22 වන වසරට පා තබනවා. 2005 වසරේ නොවැම්බර් මස 03 වනදා ඇරඹුණු නෙත් රේඩියෝව දැනුම, විනෝදය මෙන්ම තවත් බොහෝ යහපත් දේ තිළිණ කරමින් පැමිණි ගමන් මග මෙරට ජනතාවගේ සිත් තුල සදාතනික මතකයක්. මේ ඒ වෙනුවෙන් නෙත් නිව්ස් සකස් කල විශේෂාංගයක්. සමහර හඬවල් තියෙනවා අපේ කනට විතරක් ඇහෙන. එත් සමහර හඬවල් තියෙනවා කනින් ඇහිලා හදවතේ නතර වෙන. අපිට උදෑසන තෑගි කරන, දවසේ වෙහෙස නිවා දමන, අපේ ජීවිතයේ අමතක නොවන මතකයන් බවට පත් කරන එදා මෙන්ම අදත්. ඔබේ නිවසේදී, ඔබේ ගමනේදී, ඔබේ රැකියා ස්ථානයේදී ඔබට තනිකම දැනුණු මොහොතකදී, සතුට බෙදාගත් මොහොතකදී, දුක හිතුණු මොහොතකදී ඔබේ ජීවිතයට සමීප වූ ඒ ආදරණීය හඬ… Neth FM අද ඔබත් එක්කම 22 වන වසරටත් පා තබනවා. මීට අවුරුදු 21 කට කලින්, එක දවසක, එක උදයක, එක හඬක් රටක් වෙනස් කළා. ඒ හඬ අද වන විට ලක්ෂ සංඛ්‍යාත හදවත් සමඟ බැඳී අවසන්. ඒ ගමන හැමදාමත් පහසු වුණේ නැහැ. ඒත් ඒ සියල්ල අතරේ නොනැවතී ඉදිරියට එන්න සවිය වුණේ ඔබයි. මේක හුදෙක් රේඩියෝවක එක ගමනක් විතරක් නෙවෙයි, ඔබේ ජීවිතත් එක්ක, මිනිස්සුන්ගේ හැඟීම් එක්ක බැඳිලා තිබිච්ච ගමනක්. අලුත් අදහස් හොයන හිත්, නිර්‍මාණය වෙනුවෙන් වෙහෙසෙන දෑත්, කාලය සමඟ සටන් කරන මිනිසුන්, වැරදි නිවැරදි කරන කණ්ඩායම් සමඟින් ඉදිරියටම ආපු නෙත් අපි, හැමදාම ඔබ වෙනුවෙන්. මේ ගමන පුරාම අපේ අතට ජාතික සහ ජාත්‍යන්තර සම්මානවලින් අඩුවක් නම් වුණේ නැහැ. එත් අදටත් අවුරුදු 22 ක් වන තැනත් අපිට වටිනම සම්මානය ඔබයි. මේ ගමන පුරාවටම ඔබත් එක්ක හිටපු අපි හෙට මොකද කරන්නේ? මේ Neth FM ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත කේ දහනායක මහතා. ”කවදත් අලුත් කාගෙත් නෙත්. වසර 21 ක අපේ ගමන් මඟ දිහා ආපහු හැරිලා බලද්දී අපට සතුටු වෙන්න පුළුවන් ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂණ ගණනාවකට අයිතිවාසිකම් කියන සන්නාමයක් හැටියට Neth FM ගුවන් විදුලිය හඳුන්වලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගුවන් විදුලි නාලිකාවකට කුඩා දරුවාගේ සිට තරුණ, මහලු මේ සියලුදෙනාම එකවර ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් ලැබෙනවා නම් එය සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව ළඟා කරගන්නට මේ වසර 21 පුරාවටම Neth FM ගුවන් විදුලියට හැකියාව ලැබිලා තියෙනවා ශ්‍රාවකයින්ගේ ආකර්‍ෂණය ලබා ගනිමින්, ඒ වගේම දිනෙන් දින ජනප්‍රියතාවය තහවුරු කර ගනිමින්, ඒ වගේම වෙළඳපොළ අවස්ථාවන් ජයග්‍රහණය කරමින්. ඒ තමයි ඉතා වැදගත් වෙන්නේ මාධ්‍ය නාලිකාවක් වුණාම. ඒ වගේම Neth FM කියන්නේ සාම්ප්‍රදායික විනෝදාස්වාදය වෙනුවෙන්ම කැපවුණු ගුවන් විදුලි නාලිකාවක් නෙමෙයි. සමාජ වගකීම් මැනවින් හඳුනාගෙන රටේ යම් යම් අවස්ථාවල ඇතිවෙන ආපදා තත්ත්වයන් තුළදී ජනතාවට පිහිට වෙමින් ඉතා වගකීමෙන් ක්‍රියා කරන නාලිකාවක් බව ඔබ සියලුදෙනා දන්නවා. ඉතින් ඒ නිසා මම මෙය අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන් අපිත් එක්ක හැමදාම ඉන්න අපේ වත්කම ලෙස අපි සලකන අපේ ශ්‍රාවකයින්ට ස්තූතිවන්ත වෙන්න. ඔවුන්ගේ අදහස්, සමහර අවස්ථාවල යෝජනා, චෝදනා මේ සියල්ලම අපි එක සේ අරගෙන තමයි අපි ඒ සමීක්ෂණ වාර්‍තාවල තියෙන කරුණුත් අඩංගු කරගෙන තමයි මේ Neth FM ගුවන් විදුලිය ඉස්සරහට යන්නේ. ඒ වගේම අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන නොයෙකුත් සම්පත්දායකයින් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම අපිට අනුග්‍රහය දක්වන අපේ ප්‍රචාරක ආයතනවල දායකත්වයත් මේ අවස්ථාවේ මම ඉතා අගය කොට සලකනවා. ඒ වගේම භැඑය කාර්‍ය මණ්ඩලය මේ වසර 21 පුරාවට ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්‍යය, ඔවුන්ගේ කැපවීම් වල ප්‍රතිඵල තමයි භැඑය ගුවන් විදුලිය අද මේ ආකාරයෙන් ලංකාවේ අංක එකේ ස්ථානයේ වැජඹෙන්නේ. ඉතින් ඒ නිසා මම දිගින් දිගටම අපේ ශ්‍රාවකයන්ගෙන්, සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා නවීනත්වයත් එක්ක, නව තාක්ෂණයත් එක්ක දිනෙන් දින අලුත් වෙන Neth FM ගුවන් විදුලියත් එක්ක දිගින් දිගටම රැඳී ඉන්න කියලා.” තාක්ෂණය කොතරම් දියුණු වුණත් මිනිස් හදවතකට සමීප වෙන්න අවශ්‍ය වෙන්නේ තාක්ෂණය විතරක් නෙමෙයි. ඒකට අවශ්‍ය වෙන්නේ හැඟීමක්, විශ්වාසයක්, මිනිසුන් වෙනුවෙන් තියෙන ආදරයක්. ඒ හැමදේම පුරෝගත්තු නෙත්… අපි අලුත් කතාවක් ලියනවා අද ඉඳන් ඔබත් එක්ක. අලුත් අදහස් එක්ක, අලුත් තාක්ෂණයත් එක්ක, අලුත් පරම්පරාවක් එක්ක, අලුත් අත්දැකීමකුත් සමඟ. එදත්, අදත්, හෙටත් ජනතාව විශ්වාස කරන සත්‍යය… නෙත් නිව්ස්… අපිත් ඔබත් එක්කම! මේ අතර Neth FM 21 වන සංවත්සරය නිමිති කර ගනිමින් අද දිනය පුරා විශේෂ වැඩසටහන් රැසක් විකාශය කෙරෙන අතර දිමංක වෙල්ලාලගේ, ඉන්ද්‍රජිත් දොලමුල්ල, යුරේනි නොෂිකා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, තීක්ෂණ අනුරාධ, තරංග නෙල්සන් මෙන්ම සමාජ මාධ්‍ය අවකාශයේ ජනප්‍රිය දිලිප් තේජන සහ චමත් හසරංග ඇතුළු කලාකරුවන් රැසක් එක්වීමට නියමිතයි. .
99mobile