
දැදුරුඔය පිටාර ගැලීම නිසා උතුරු මාර්‍ගයේ කුරුණෑගල සහ මහව අතර දුම්‍රිය ධාවනය නවතී
FM Heart · 1 min read
දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්‍තමේන්තුව පැවසුවේ. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. මේ අතර ඇතැම් ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරන අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කර ඇති බව වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව පැවසුවා. ඒ අනුව තත්පරයට ඝන අඩි 12,600 කට අධික ජල ප්‍රමාණයක් දැදුරුඔය වෙත නිකුත් කෙරෙන බවයි එම දෙපාර්‍තමේන්තුව පැවසුවේ. එවන් පසුබිමක දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් උතුරු මාර්‍ගයේ දුම්‍රිය ධාවනය කුරුණෑගල සහ මහව අතර අත්හිටවූ බව දුම්‍රිය දෙපාර්‍තමේන්තුව පැවසුවා. .

