FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අතුරුදන්ව සිටියදි සොයාගත් හේෂක පුතා බෝට්ටුවේ සිටි ධීවරයන් ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව කියයි

FM Heart · 1 min read

The Heart Academy
කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටියදී සොයාගත් ‘හේෂක පුතා‘ බෝට්ටුවේ සිටි ධිවරයින් සිව්දෙනා මේ වනවිට ‘සිදුරළ‘ නෞකාව මගින් ආරක්‍ෂිතව ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසනවා. පසුගිය 21 වනදා කුඩාවැල්ල ධීවර වරායෙන් එම ධිවරයින් පිරිස ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී අතුරුදන්ව තිබුණා. ඒ පිළිබද ධීවර දෙපාර්‍තමේන්තුව විසින් සිදුකළ දැනුම් දීමට අනුව නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්‍තමේන්තුව, ගුවන් හමුදාව සහ එම මුහුදු කලාපයේ අනෙකුත් ධීවර යාත්‍රා දැනුවත් කරමින් ඒකාබද්ධ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරුණා. ඒ අනුව එම අතුරුදන් වූ ධිවරයන් පිරිස පසුගිය පළමු වනදා පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී නිරුපද්‍රිතව බේරා ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. .
99mobile