FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඇමති සෙනෙවි බුද්ධියම දේපල හොරෙක් නොවේ.. බොරු කියන අයට ක්‍රියාමාර්‍ග ගන්නවා..

FM Heart · 1 min read

The Heart Academy
අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ගුණරත්න වික්‍රමතිලක මහතා විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව කරුණු වාර්‍තා කරමින් මේ බව දැනුම් දී තිබේ. චේතනාන්විතවම අමාත්‍යවරයාගේ කීර්‍තිනාමයට හානි කරමින් ඔහු අපකීර්‍තියට පත්කිරීමේ පටු අරමුණින් මෙම ව්‍යාජ තොරතුරු සකස් කර ඇති බව පෙන්වා දෙන අමාත්‍යාංශය, ‘නිලන්ත සත්සර ගමගේ’ නමැති පුද්ගලයකු විසින් මෙකී අසත්‍ය තොරතුරු නිර්‍මාණය කර ෆේස්බුක් ගිණුම් කිහිපයක් ඔස්සේ ඉතා වේගයෙන් බෙදාහරිමින් සිටින බව අනාවරණය කර ඇත. අදාළ ව්‍යාජ ප්‍රචාරයන්ට සම්බන්ධ ෆේස්බුක් ගිණුම්වල විස්තර සහ පළකර ඇති සටහන්වල තිර ඡායාරූප සාක්ෂි ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති අතර, මෙවැනි නොමඟ යවන සුළු අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව ද එම ලිපියෙහි සඳහන් වේ. තවද, මෙම සංවිධානාත්මක ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම වැළැක්වීම සඳහා වගකිවයුතු ආයතනවල කඩිනම් මැදිහත්වීම අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
99mobile