FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මමයි සජිතුයි එකතු වුනා කියල දිනන්න බෑ..- රනිල්

FM Heart · 2 min read

The Heart Academy
පිටකෝට්ටේ ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙරට දේශපාලන ක්‍රමවේදය මුළුමනින්ම පරිවර්‍තනයකට ලක්ව ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, සාම්ප්‍රදායික රාමුවෙන් මිදී නව ඡන්දදායකයන් ආකර්‍ෂණය කරගැනීමට අපොහොසත් වන්නේ නම් කිසිදු දේශපාලන ව්‍යාපාරයකට ඉදිරි ගමනක් නොමැති බව පැවසීය. පැරණි සූත්‍ර සහ හුදු දේශපාලන එකමුතුකම් මත පමණක් යැපෙමින් යන ගමනකින් ජයග්‍රහණ අපේක්ෂා කළ නොහැකි බව ද හෙතෙම කියා සිටියේය. නව පරපුර දේශපාලන නායකත්වයට රැගෙන ඒමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් Millennium UNP (වයස අවුරුදු 35 ත් 40 ත් අතර කාණ්ඩයේ පිරිස්), Gen Z UNP (වර්‍ෂ 2000 න් පසුව උපත ලැබූ යොවුන් ප්‍රජාව) පරම්පරා දෙකක් නියෝජනය වන පරිදි නව අංශ දෙකක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් මෙලෙස පරම්පරා දෙකක් වෙන් වෙන් වශයෙන් ආවරණය වන පරිදි සාමාජිකත්වය ප්‍රවර්‍ධනය කළ ප්‍රථම අවස්ථාව මෙය බව පක්ෂ සභාපති වජිර අබේවර්‍ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මීට අමතරව, සාම්ප්‍රදායිකව ඉදිරිපත් කරන වසර පහක කෙටි කාලීන ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට, ඉදිරි වසර 20 සඳහා වන දීර්‍ඝකාලීන ජාතික සංවර්‍ධන සැලැස්මක් ඇතුළත් එක්සත් ජාතික පක්ෂ ‘හරිත පත්‍රිකාව’ පිළිබඳව ද මෙහිදී පක්ෂ නායකයන් අතර දීර්‍ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
99mobile