
මාලිමා සභා දෙකක අවයැය පරදී..
FM Heart · 1 min read
මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඇලින් කොට්ටහච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මුදල් කාරක සභාව හමුවට මෙම අයවැය කෙටුම්පත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරිණි. සාමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විත මාතලේ මුදල් කාරක සභාව වෙනුවෙන් පාලක පක්ෂය නියෝජනය කරමින් නගරාධිපතිවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු පමණක් සහභාගි වී සිටි අතර, නියෝජ්‍ය නගරාධිපති ටී. මෝහන් මහතා මෙම කාරක සභා රැස්වීමට එක්ව නොසිටීම විශේෂත්වයකි. එහිදී විපක්ෂය නියෝජනය කරමින් කාරක සභාවට එක්වූ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනාම අයවැය කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඒ අනුව සර්වජන බලය පක්ෂයේ අමිල නිරෝෂණ, සමගි ජන බලවේගයේ (සජබ) එම්. සාරුල්ලා සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සන්දීප කපුකොටුව යන මන්ත්‍රීවරු මෙලෙස විපක්ෂව ඡන්දය ලබා දුන්හ. මෙහිදී අදහස් දැක්වූ සර්වජන බලය පක්ෂයේ නාගරික මන්ත්‍රී අමිල නිරෝෂණ මහතා සඳහන් කළේ, 2014/02 දරන පළාත් පාලන කොමසාරිස්වරයාගේ අයවැය චක්‍රලේඛයට පටහැනි අයුරින් මෙම අයවැය කෙටුම්පත ඉදිරිපත් කර ඇති බැවින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බවයි. මුදල් කාරක සභාව තුළදී අයවැය කෙටුම්පත පරාජයට පත්වීමත් සමඟ, මාතලේ මහ නගර සභාව සහ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.

