FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සජිත්ගේ මන්ත්‍රී තොණ්ඩමන්ට එක්වේ...

FM Heart · 1 min read

The Heart Academy
දිවංගත සෞම්‍යමූර්‍ති තොණ්ඩමාන් මහතාගේ 27 වැනි ගුණ සමරුව නිමිත්තෙන්, කොළඹ 'සෞම්‍ය භවන' හිදී (30) පැවති විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව ඔහු මෙම පක්ෂයට එක් විය. පක්ෂයේ මහලේකම් සහ පාර්‍ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන්, සභාපති සෙන්තිල් තොණ්ඩමාන් සහ භාණ්ඩාගාරික මෙන්ම සභාපතිවරයෙකු ද වන මරුතපාන්ඩි රමේෂ්වරන් යන ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධානීන් ඉදිරියේදී ඔහු පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. අලගමුත්තු නන්දකුමාර මහතා හැටන් දික්ඔය නගර සභාවේ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරනු ලබයි. අලගමුත්තු නන්දකුමාර මහතා ජාතික කම්කරු කොංග්‍රසය යටතේ සමගි ජන බලවේගයෙන් ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් හැටන් දික්ඔය නගර සභාවට තරග කල බවත්, තම පක්ෂය තුල විනය කඩ කිරිමක් සිදු කල අලගමුත්තු නන්දකුමාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ඉවත් කර ඒ බව සමගි ජන බලවේගයේ මහ ලෝකම්වරයා වෙත (30) දින දැනුම් දුන් බව ජාතික කම්කරු සංගමය සහ ජාතික කම්කරු පෙරමුණේ මහ ලේකම් එස්.නගුලේස් මහතා මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියහ..
99mobile