
ලංකාවට න්‍යෂ්ටික බලාගාර..- ඇමති
FM Heart · 1 min read
දකුණු කොරියාවේ ඉන්චියොන් නුවරදී ආරම්භ වූ, න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ 6 වැනි ජාත්‍යන්තර අමාත්‍ය සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය විසින් සංවිධානය කර තිබිණි. සමුළුවේදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා පෙන්වා දුන්නේ, ඉදිරියේදී න්‍යෂ්ටික බලශක්තිය කෙරෙහි යොමුවීමේදී ජාත්‍යන්තර ආරක්ෂණ ප්රමිතීන් සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් වන බවයි. "රජයේ අපේක්ෂාව හුදෙක් රටට න්‍යෂ්ටික බලශක්තිය හඳුන්වා දීම පමණක් නොවේ. ඒ තුළින් රටට පැහැදිලි ආර්ථික ප්‍රතිලාභයක් අත්වන්නේද යන්න මෙන්ම, එය ආරක්ෂිත, විශ්වාසදායක, ජනතාවට දරාගත හැකි පිරිවැයකින් යුත් සහ අවම කාබන් විමෝචනයක් සහිත බලශක්ති පද්ධතියක් ගොඩනැගීමට කෙතරම් දුරට දායක වන්නේද යන්න විද්‍යාත්මකව තීරණය කිරීම අපගේ අරමුණයි," යනුවෙන් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාව මේ වන විටත් න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයන සහ මූලික සැලසුම් සකස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය, නියාමන මඟපෙන්වීම් සහ උපදෙස් ලබාගැනීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

