FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

IMF ප්‍රධානියා සිපගැනීමට වඩා කාවන්තිස්ස ඇතා සිපගැනීම වටින බව සජිත් කියයි

FM Heart · 1 min read

The Heart Academy
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානියා සිපගැනීමට වඩා මියගිය කවාන්තිස්ස ඇතා සිපගැනීම වඩාත් වටිනා ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්‍ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්‍ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ රජය පවත්වාගෙන යන සබඳතා සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ඔහු මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම පිළිබඳව අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා, 2025 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 61.1ක් දිනකට ඇමෙරිකානු ඩොලර් 8.30කට අඩු ආදායමකින් ජීවත් වූ බවට ලෝක බැංකුවේ 2025 වාර්‍තාවක සඳහන් වන බවද පෙන්වා දුන්නේය. එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය එවකට IMF ප්‍රධානියා සමඟ සුහදව පිළිගැනීමේ අවස්ථාවක ඡායාරූපයක්ද ඔහු සභාවට ඉදිරිපත් කර තිබේ. එම ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එවැනි ආචාර කිරීමක් සාමාන්‍ය දෙයක් බවද ඔහු සඳහන් කළේය. කවාන්තිස්ස ඇතා සිපගැනීම සම්බන්ධයෙන් පාර්‍ලිමේන්තුවේදී මතු වූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එම ක්‍රියාවේ වැදගත්කම රජයේ පාර්‍ශ්වයේ ඇතැමුන් තේරුම්ගෙන නොමැති බවයි.
99mobile