FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සුප්‍රීම්සැට් ගැන FCID රෝහිතගෙන් දීර්‍ඝ ප්‍රශ්ණ කිරීම්..

FM Heart · 2 min read

The Heart Academy
ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාස පරිශ්‍රයෙන් පිටතදී මාධ්‍යවේදීන් අමතමින් රාජපක්ෂ මහතා පැවසුවේ, විවෘතව පවතින විමර්‍ශන ගොනුවක් අවසන් කිරීම සඳහා විමර්‍ශන නිලධාරීන් තොරතුරු රැස් කරමින් සිය රාජකාරිය ඉටු කරමින් සිටින බවයි. මෙම කටයුත්ත අවසන් කිරීමට සහාය වීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක බලධාරීන්ට උපරිම සහයෝගය ලබා දීමට තමන් සූදානම් බව ද ඔහු සඳහන් කළේය. සිය දේශපාලන අනාගතය පිළිබඳව නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ, ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවයි. දැනට අත්අඩංගුවේ පසුවන සිය වැඩිමහල් සොහොයුරා වන නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව විමසූ විට, තමන් කලකිරීමට පත්ව ඇති බවට පළ වන අදහස් ප්‍රතික්ෂේප කළ ඔහු, සිය සොහොයුරා මෙම තත්ත්වයෙන් වඩාත් පරිණතව හා ශක්තිමත්ව ඉදිරියට පැමිණෙනු ඇතැයි විශ්වාසය පළ කළේය. සිය සොහොයුරාගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ජනතාව තුළ අපේක්ෂාවන් පවතීද යන්නට වඩාත් සුදුසුම පිළිතුර ජනතාව විසින්ම ලබා දිය යුතු කරුණක් බව ඔහු පැවසීය. ආරක්ෂක පිරිවර හෝ ආධාරකරුවන් කණ්ඩායම් නොමැතිව ඉතා සාමාන්‍ය ආකාරයෙන් මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීම පිළිබඳව නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා සඳහන් කළේ, තමන් කිසි දිනෙක පෞද්ගලිකව 'ඩිෆෙන්ඩර්' වර්‍ගයේ රථයක් භාවිත කර හෝ හිමිකරගෙන හෝ නොමැති බවයි. තමන්ගේ වත්මන් දෛනික ජීවන රටාව වඩාත් පහසු සහ සාමාන්‍ය එකක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
99mobile