FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපි නැතිව වෙන ආණ්ඩුවක් තිබුණනම් පෙට්‍රල් ලීටරය 700ක් වෙනවා..

FM Heart · 1 min read

The Heart Academy
සිදුකෙරුණු නවතම ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ පීඩනය මෙරට පාරිභෝගික ජනතාව මත සම්පූර්‍ණයෙන්ම පැටවීම වැළැක්වීම සඳහා රජය දැවැන්ත මූල්‍ය පාඩුවක් සිය කරමත තබාගෙන කටයුතු කර ඇති බවයි. ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට ආර්‍ථිකයට සහ ජනජීවිතයට එල්ල වන බලපෑම අවම කිරීමේ අරමුණින්, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්‍ලිමේන්තුවට අතිරේක විසර්‍ජන ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද ඔහු මෙහිදී සිහිපත් කළේය. පසුගියදා ක්‍රියාත්මක වූ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ගොවි ප්‍රජාව ඇතුළු සමස්ත සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අපහසුතාව පිළිබඳව රජය අවබෝධයෙන් පසුවන බව පිළිගත් කරුණාරත්න මහතා, වත්මන් මිල මට්ටම් හෝ පවත්වාගෙන යාම සඳහා රජය තවදුරටත් සැලකිය යුතු මූල්‍ය බරක් දරමින් සිටින බව අවධාරණය කළේය. එසේම, ඉදිරි අයවැය ලේඛනය මඟින් බදු ප්‍රතිපත්ති ඇතුළු ආර්‍ථික ක්ෂේත්‍රයන්හි සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ සාකච්ඡා කරමින් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
99mobile