
බෝම්බ තර්ජනයක් නිසා ස්කොට්ලන්තයේ පාසල් 500 ක් හදිසියේ වසා දැමේ
FM Heart · 1 min read
බෝම්බ තර්ජනයක් හේතුවෙන් ස්කොට්ලන්තයේ පාසල් ගණනාවක් ඊයේ හදිසේ වසා දැමුණා. පාසල් වෙත මෙම බෝම්බ තර්ජනය පැමිණ ඇත්තේ ඊමේල් පණිවිඩයක් මගින්. තර්ජනාත්මක ඊමේල් පණිවිඩ ලැබීමත් සමඟ සිසුන් ආරක්ෂිතව පාසල්වලින් ඉවත් කර නිවෙස් වෙත පිටත් කර හැරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව නොවැළැක්විය හැකි හේතුවක් සහ ආරක්ෂක අවදානමක් නිසා හදිසියේ පාසල් වසා දමන බවත්, දරුවන් නිවෙස් වෙත රැගෙන යන ලෙසත් පාසල් බලධාරීන් විසින් දෙමාපියන්ට පණිවිඩ මගින් දැනුම් දී ඇති බව සඳහන්. පසුව සිසුන් ඉවත්කර වසා දැමුණු පාසල් වලට ගිනි නිවන හා ගලවා ගැනීමේ සේවා නිලධාරීන් ද කැඳවනු ලැබ තිබුණා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ස්කොට්ලන්ත පොලිසිය පවසන්නේ, බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය පුරා පාසල් වෙත යොමු කර ඇති මෙම පණිවිඩ ව්‍යාජ තර්ජන බවට හඳුනාගෙන ඇති බවයි. මේවායින් සැබෑ ආරක්ෂක තර්ජනයක් හෝ මහජනතාවට කිසිදු අනතුරක් නොමැති බව පොලිසිය දැන් තහවුරු කරනවා. එබැවින්, මෙම විද්‍යුත් තැපැල් පණිවිඩ පමණක් පදනම් කරගෙන තවදුරටත් පාසල්වලින් සිසුන් ඉවත් කිරීමට හෝ දරුවන් අධ්‍යාපන කටයුතුවලින් ඈත් කර තැබීමට අවශ්‍යතාවක් නොමැති බවයි පොලිසිය දැනුම් දෙන්නේ. ප්‍රශ්නගත ව්‍යාජ ඊමේල් පණිවිඩය නිකුත් කළ

