FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සිසුන් දෙදෙනකුට මරු කැඳවූ ක්‍ෂේත්‍ර චාරිකාවේ අනතුරට KDU එකෙන් වන්දියක් ගැනීමට හැකිදැයි බලන්න

FM Heart · 2 min read

The Heart Academy
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදි සිටියදී මාරක රිය අනතුරකට ලක්ව දෙදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් යම් වන්දි මුදලක් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) නීතිපතිවරයාට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටියදී මාරක රිය අනතුරකට ලක්ව දෙදෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්‍ණ විමර්‍ශනයක් පවත්වන ලෙසත් සිද්ධියෙන් අනතුරට පත් වූ සිසුන්ට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා මියගිය සිසුවකුගේ පියෙකු විසින් ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්‍ධන, අර්‍ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. මෙම සිද්ධියෙන් මියගිය මිත්‍ර වාහලවත්ත නමැති සිසුවාගේ පියා විසින් ගොනුකොට ඇති අතර පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා මහතා කියා සිටියේ පෙත්සම කාලාවිරෝධි විය හැකි බවයි. බස් රථයේ අයිතිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ මහතා කියා සිටියේ තම සේවා දායකයා පෞද්ගලික පාර්‍ශ්වයක් බැවින් මේ නඩුකරයෙන් මුදාහරින ලෙස යි. දෙපාර්‍ශවයේ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්‍ශ්වකරුවන්ට වන්දි ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳ අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නේය. මෙම පෙත්සම මාර්‍තු 16 වැනිදා සලකා බැලීම සඳහා යළි කැඳවන ලෙස ද නියෝග කළේය. ඒ.ජේ.ඒ. අබේනායක
99mobile