FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්

FM Heart · 2 min read

The Heart Academy
14 – 15 තද සුළං ධීවර – නාවික කටයුතු අවදානම් ප්‍රදේශ රැසකට ගිගුරුම් වැසි අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14 ක 1397ක් පීඩාවට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්‍මාණය විය හැකි බවත්, ඉන්පසු පැය 24 ක් තුළදී වඩාත් හොඳින් වර්‍ධනය වූ අඩුපීඩන කලාපයක් බවට පත්වීමට ඉඩ ඇති නිසා ලබන 14 හා 15 යන දිනවල අන්දමන් සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත සුළඟේ වේගය වැඩිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසයි. මේ නිසා එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින හා නිරතවීමට නියමිත නාවික හා ධීවර ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තු නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එම දෙපාර්‍තමේන්තුව ඉල්ලා සිටී. අන්තර් මෝසම් තත්ත්වය සක්‍රීයවීම නිසා උතුර සහ නැඟෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවේ. අම්පාර, අනුරාධපුරය, කොළඹ, ගම්පහ, හම්බන්තොට, කළුතර, මහනුවර, කිලිනොච්චිය, කුරුණෑගල, මාතර, නුවරඑළිය, පුත්තලම, රත්නපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 14 සඳහා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ග්‍රාම සේවා වසම් 73 ක පවුල් 381 ක පුද්ගලයන් 1397ක් පීඩාවට පත්ව ඇත. පූර්‍ණ නිවාස හානි 223ක් වාර්‍තා වී ඇත. බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 9 ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56 ක් සඳහා විමසිලිමත් සහ අවදානම් මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. මාතලේ උකුවෙල ප්‍රදේශයට මිලිමීටර් 125.6 ක්, කෑගල්ල දැරණියගලට මිලිමීටර් 109.4 ක්, මහනුවර දොලුව ප්‍රදේශයට මිලිමීටර් 91.4ක් වැඩි වශයෙන් පෙරේදා (10දා) වර්‍ෂාපතනය ලැබී ඇත. කළු, ගිං, නිල්වලා ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබූ අතර, තවදුරටත් එම ජලාශ ආශ්‍රිත පෝෂක ප්‍රදේශවලට වර්‍ෂාපතනය ලැබුණ හොත් එම ජලාශ ආශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බවට වාරිමාර්‍ග දෙපාර්‍තමේන්තුව අනතුරු ඇඟවීම් සිදුකර තිබුණි. ඇතිවූ අධික වර්‍ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්‍ග අවහිරවීම් සහ පහත් ප්‍රදේශවල නිවාස ජලයෙන් යටවීම් වාර්‍තා වී තිබුණි.
99mobile