FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

උපරිම සහන දෙන්න මාතරට 'ජාතික සතොස' ක් අරී....

FM Heart · 2 min read

The Heart Academy
දේශීය අල, ළූණු, ධාන්‍ය හා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොග සාධාරණ මිලට ජනතාව වෙත සමීප කරමින්, ගොවි ජනතාවට නිසි මිලක් ලබාදෙන රජයේ යාන්ත්‍රණය ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ක්‍රියාත්මක වේ. මෙරට පිහිටවූ පළමු රාජ්‍ය සංස්ථාව වන සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, වත්මන් ආණ්ඩුව බලයට පත් වන අවස්ථාව වන විට ඈවර කර සියලු සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වා වසා දැමූ ආයතනයක් බවට පත්ව තිබිණ. වෙළෙඳපොල මිල නියාමන බලය මෙන්ම, ගොවියාගේ මහන්සියට අතරමැදි සූරාකෑම්වලින් තොරව නිසි මිලක් ලබාදෙන්නට රාජ්‍ය යාන්ත්‍රණයේ හස්තය බවට අතීතයේ රටේ තොග සපයන්නාගේ කාර්‍යභාරය ඉටු කළ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පත් කර ගත හැකි බව වටහා ගත් වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්‍ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම යථාර්‍ථයක් කරමින්, එවකට පාලකයන් විසින් ඈවර කර වසා දමා තිබූ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ස්ථාපිත කරන ලදී. ඒ අනුව වත්මන් සභාපති කෝසල විල්බාව මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අසංක ප්‍රනාන්දු මහතා ඇතුළු කාර්‍යය මණ්ඩලයේ දෙදෙනෙකුගෙන් පමණක් යළි ඇරඹි සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව අද වන විට සේවකයන් 50කගෙන් සමන්විත වේ. වෙළෙඳපොළ තුළ තරගකාරී සැපයුම් හා බෙදා හැරීම් ජාලයට රජයේ මැදිහත්කරු ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ක්‍රමානුකූලව යළි ස්ථාපිත වෙමින් වී අළෙවි මණ්ඩලය සමඟ එක්ව වී මිලදීගෙන සහල් බවට පත්කර ජාතික සතොස සහල් නමින් වෙළෙඳපොළට නිකුත් කිරීම මෙන්ම දේශීය ළූණු, අල මිලදී ගැනීම පසුගිය 2025 වසරේ සිට ආරම්භ කරන ලදී. එම වැඩපිළිවෙල තවත් විධිමත්ව ඉදිරියට ගෙන යමින් (11) අංක.31, රාහුල මාවත, මාතර ලිපිනයේදී සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) පළමු තොග අළෙවි මධ්‍යස්ථානය විවෘත කෙරිණ. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්‍ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කර්‍මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්‍ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එක් වූ අතර වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්‍ධන මහතා, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්‍කම් ඉල්ලයාස් මහතා, මාතර දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන්, සමූපකාර සමිති නියෝජිතයන් මෙන්ම ප්‍රදේශයේ මහජනතාවද සම්බන්ධ වී සිටියහ.
99mobile