FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මගී ප්‍රවාහන ‘ඩ්‍රෝන ටැක්සියෙන්’ බැස්ස ඇමැතිගේ සතුට

FM Heart · 2 min read

The Heart Academy
මෙරට ප්‍රවාහන සහ සංචාරක ඉතිහාසයට නව පෙරළියක් එක් කරන මගී ප්‍රවාහන ‘ඩ්‍රෝන ටැක්සි’ සේවාවේ පළමු පරීක්ෂණ පියාසැරිය ඊයේ (11දා) කොළඹ වරාය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරිණි. වාණිජ සේවාවක් ලෙස මෙය ආරම්භ කිරීමට පෙර පරීක්ෂණ අදියරක් ලෙස මාස 06ක කාලයක් කොළඹ වරාය පරිශ්‍රයේදී අත්හදා බැලීමට සැලසුම් කර ඇතැයි, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. චීනයේ ප්‍රමුඛ පෙළේ ස්වයංක්‍රීය ගුවන්‍යානා නිෂ්පාදන සමාගමක් වන ‘යී ගැංග්’ සමාගම විසින් නිෂ්පාදිත ඊ 216 වර්‍ගයේ මෙම අති නවීන ඩ්‍රෝන යානයේ එකවර මගීන් දෙදෙනකුට ගමන් කිරීමේ හැකියාව පවතී. සම්පූර්‍ණ බැටරි බලයෙන් ක්‍රියාත්මක වන මෙම ඩ්‍රෝන යානය නියමුවන් රහිත වන අතර, එය ඒ. අයි. (AI) තාක්ෂණයෙන් බලගැන්වේ. පසුගිය අගෝස්තු මාසයේදී වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, එම ගුවන් සමාගම සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ‘ඊ.වී. ටෝල්’ (E.V. TOL) නම් වූ යානය මෙරටට රැගෙන ආ අතර, ඒ අනුව ඊයේ (11දා) පළමු පරීක්ෂණ ගුවන්ගත කිරීම මෙලෙස සිදු කෙරිණි. මෙම අවස්ථාවට එක්ව සිටි වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති අනුර කරුණාතිලක මහතා – “ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේම පළමු වරට තමයි මේ නියමුවන් රහිත මගී ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වෙන්නේ. දීර්‍ඝ කාලයක් කරන ලද අධ්‍යයන, නියාමන සහ විමර්‍ශන සලකා බලා තමයි මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කළේ. පර්‍යේෂණ මෙහෙයුම්වලින් පසු වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සැමට ඉතා සුළු දැරිය හැකි මිලකට අහසේ සිට මෙම අත්දැකීම විඳගත හැකියි. සීගිරිය, නුවර, වනජීවී කලාප ඇතුළු අපේ රටේ සුන්දර ස්ථාන නැරඹීමේ හැකියාව මෙමගින් උදාකර දීමට අපි සැලසුම් කර තිබෙනවා”. සුජීව තත්සර
99mobile