FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පළාත් සභා මැතිවරණය මොන ක්‍රමයටද තියන්නේ කියා සොයයි..

FM Heart · 1 min read

The Heart Academy
අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්‍ලිමේන්තු සංකීර්‍ණයේදී රැස්වූ මෙම විශේෂ කාරක සභාව හමුවේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ කිහිප දෙනෙක් සිය යෝජනා ඉදිරිපත් කළහ. එහිදී ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කේ. ප්‍රේමචන්ද්‍රන්, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් රාමසාමි රාජේන්ද්‍රන් සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් සෙල්ලිනාදන් සංජීවන් යන මහත්වරු සිය පක්ෂවල ස්ථාවරයන් කාරක සභාව හමුවේ පැහැදිලි කළහ. මෙහිදී මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු වඩාත් ප්‍රායෝගික මැතිවරණ ක්‍රමය, පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජනය විධිමත්ව තහවුරු කිරීම ඇතුළු කරුණු කිහිපයකි. මෙම සාකච්ඡා වටය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුල්ලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන් මෙන්ම කාරක සභාව නියෝජනය කරන පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්‍මප්‍රිය විජේසිංහ, ෂම්මිත්‍රි ගුණසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.
99mobile