FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රටේම ජනතාව බලා සිටින දිනය අදයි

FM Heart · 1 min read

The Heart Academy
2027 වසර සඳහා වන අයවැය ලේඛනය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්‍ථික සංවර්‍ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (12) දින පස්වරුවේ පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) දින පස්වරු 1.30ට අයවැය දෙවැනිවර කියවීම ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් (13) සිට (20) වනදා දක්වා දින හතක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් (20) වනදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව ඇත. අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් (21) සිට දෙසැම්බර් (14) වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර අනතුරුව දෙසැම්බර් (14) වනදා පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත. මේ අතර 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) දින ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී නිරීක්ෂණය කළේය.
99mobile