FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නොපියවූ ක්‍රෙඩිට් කාඩ් ණය මාසයක් තුළ රුපියල් බිලියන 4.2 කින් ඉහළට...

FM Heart · 1 min read

The Heart Academy
මහ බැංකු වාර්‍තාවලට අනුව, පසුගිය ජූලි මාසය අවසන් වන විට රුපියල් මිලියන 209,189 ක් ලෙස සටහන්ව තිබූ නොපියවූ ක්‍රෙඩිට් කාඩ්පත් ණය ශේෂය, අගෝස්තු මාසය අවසානය වන විට රුපියල් මිලියන 213,425 ක් දක්වා වර්‍ධනය වී තිබේ. ඒ අනුව, මාසයක කෙටි කාලයක් තුළ මෙරට නොපියවූ ණයපත් ශේෂයේ ශුද්ධ වර්‍ධනය රුපියල් මිලියන 4,236 කි. උද්ධමනය ඉහළ යාම සහ ඉහළ ගිය ජීවන වියදමට මුහුණ දීම සඳහා එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පාරිභෝගිකයන් වැඩි වශයෙන් ණයපත් භාවිතයට යොමුවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ. එමෙන්ම, වාණිජ බැංකු විසින් පාරිභෝගිකයන් ආකර්‍ෂණය කර ගැනීම සඳහා හඳුන්වා දෙනු ලබන විවිධ වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රමවේද හේතුවෙන් ද ණයපත් භාවිතය ඉහළ ගොස් තිබේ.
99mobile