
ලෝකය වේගයෙන් ඉදිරියට ගියත් – අපේ බැංකුවලින් 31% ක්ම කිසිම AI භාවිතයක් හෝ භාවිතයට සැලසුමක්වත් නෑ
FM Heart · 1 min read
මහ බැංකුව කියයි ලෝකයේ මූල්‍ය සේවා කර්‍මාන්තය තුළ කෘත්‍රිම බුද්ධිය වේගයෙන් භාවිතයට ගැනෙන පසුබිමක, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවලින් සියයට 31 ක්ම කිසිදු ආකාරයක කෘත්‍රිම බුද්ධි භාවිතයක් සහ භාවිතය සඳහා ක්ෂණික සැලසුම් ඇතිකරගෙන නොමැති බව මහ බැංකුව පවසයි. සමස්තයක් ලෙස බලපත්‍රලාභී බැංකුවලින් සියයට 69 ක්, කිසියම් ආකාරයක කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇතත්, ඒවායේ භාවිතය තවමත් පවතින්නේ ඉතා අඩු මට්ටමක බව ද මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු සියල්ලම ආවරණය වන ලෙස පවත්වන ලද සමීක්ෂණයක මූලික සොයා ගැනීම් මගින් මේ බව අනාවරණය වී ඇත. එසේම කිසිදු බැංකුවක් කෘත්‍රිම බුද්ධිය මුල් කරගත් ආකෘතියක් ක්‍රියාත්මක කරන බව වාර්‍තා කර නොමැති බව ද මහ බැංකුව මේ සමීක්ෂණයේ මූලික සොයාගැනීම් මගින් හෙළි කර ඇත. මේ සමීක්ෂණ තොරතුරු ඇසුරින් මහ බැංකුව සිය නිගමන කොටසේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ බැංකු අංශය තුළ කෘත්‍රිම බුද්ධිය අනුගමනය කිරීමේ අභිප්‍රාය (යම්) පරාසයක විහිදී පවතින නමුත් ක්‍රියාත්මක කිරීම, පාලනය සහ තුන්වන පාර්‍ශ්වීය පාලනයන් සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බවයි. ශ්‍යාම් නුවන් ගනේවත්ත

