FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බදු නැතිව ප්‍රෙට්‍රල් ලීටරය 280යි.. ඩීසල් 336

FM Heart · 2 min read

The Heart Academy
බොරතෙල් ආනයනය කර දේශීයව පිරිපහදු කිරීමෙන් ලබාගන්නා ඩීසල් සහ පෙට්‍රල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ගණන් තීරණය කළ සූත්‍රය සහ පදනම වහාම රට හමුවේ අනාවරණය කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි ජාත්‍යන්තර 'සිංගප්පූරු ප්ලැට්ස්' මිල දර්‍ශකයන් පදනම් කරගනිමින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දී තිබේ හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කරන දත්තයන්ට අනුව, පසුගිය ඔක්තෝබර් 30 වනදා වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල පැවතියේ මෙසේය ඩීසල් බැරලයක මිල: අමෙරිකානු ඩොලර් 162 කි (ඒ අනුව පිරිපහදු කළ ඩීසල් ලීටරයක පැටවුම් මිල රුපියල් 336 ක් වේ) ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක මිල: අමෙරිකානු ඩොලර් 138 කි (ඒ අනුව පිරිපහදු කළ පෙට්‍රල් ලීටරයක පැටවුම් මිල රුපියල් 280 කි) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල: අමෙරිකානු ඩොලර් 114 කි මෙම මිල දර්‍ශකවලට අනුව, මෙරටට බොරතෙල් ආනයනය කර සපුගස්කන්ද පිරිපහදුව මඟින් නිපදවන ඩීසල් සහ පෙට්‍රල් සඳහා බොරතෙල් පිරිවැය ලීටරයකට දැරීමට සිදුව ඇත්තේ රුපියල් 236 ක් වැනි අගයක් බව පෙන්වා දෙන පාඨලී චම්පික රණවක මහතා, එවන් පසුබිමක දේශීය වෙළෙඳපොළේ සිල්ලර මිල ගණන් මෙතරම් ඉහළ මට්ටමක සකස් වූයේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියි එබැවින් බොරතෙල් ගෙන්වා දේශීයව නිපදවූ ඉන්ධනවල සැබෑ නිෂ්පාදන වියදම, බදු සහ බෙදාහැරීමේ පිරිවැය ගණනය කළ ආකාරය පිළිබඳව වත්මන් ආණ්ඩුව ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව හෙතෙම කියා සිටී
99mobile