
හෙද නිලධාරීහු 2,819ක් ජනපති අතින් පත්වීම් ලබති
FM Heart · 1 min read
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල්වල තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 2020 ශිෂ්‍ය හෙද කණ්ඩායමේ අභ්‍යාසලාභීන් 2,819 දෙනෙකු තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 01දා අරලියගහ මන්දිරයේදී සිදු විය. 2019 සහ 2020 වර්‍ෂවල අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිට, 2023 වර්‍ෂයේදී දිවයින පුරා පිහිටි හෙද විදුහල් 16ට ඇතුළත්ව වසර තුනක උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්‍ථකව නිම කළ හෙද නිලධාරීන් 2,819 දෙනෙකු මෙලෙස පත්වීම් ලැබූහ. මෙලෙස පත්වීම් ලබන හෙද නිලධාරීන් දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය. මෙම පත්වීම් ලිපි ප්‍රදානයට සමගාමීව රෝහල් සේවයේ නිරත පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) 76 දෙනෙකු විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) ලෙස උසස් කිරීමට අදාළ උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

