FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

T-56 ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ විශ්‍රාමික හමුදා සාමාජිකයෙකු පානදුරේදී STF අත්අඩංගුවට

FM Heart · 1 min read

The Heart Academy
නීති විරෝධී T-56 වර්‍ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් විසින් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, පිංවත්ත පොලිස් වසමට අයත් පානදුර, ගාලු පාර ප්‍රදේශයේ නිවසක සිදුකළ විශේෂ වැටලීමකදීයි. එහිදී සැකකරු සන්තකයේ තිබී නීති විරෝධී T-56 වර්‍ගයේ ගිනිඅවියක්, පතුරම් ගැබක්, ජීව උණ්ඩ 13ක්, පුහුණු උණ්ඩ 11ක්, යකඩ කඩුවක් සහ ජංගම දුරකථනයක් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, පිංවත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි විශ්‍රාමික හමුදා සාමාජිකයෙක්. සැකකරු පිංවත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හතාදුර දමිත් දර්‍ශන සිල්වා නොහොත් ‘පිංවත්තේ පොඩි සුදුවා’ නැමැත්තාගේ සමීපතමයෙකු වන, පසුගියදා වෙඩි වැදී මියගිය ‘නදීක’ නැමැති පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති අයෙකු බවට මූලික විමර්‍ශනවලදී තොරතුරු අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්‍ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා පිංවත්ත පොලිස් ස්ථානය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්‍ය බලකාය පැවසුවා. .
99mobile