
බහුදින යාත්‍රාවෙන් ඇල්ලූ මත් ජාවාරම් සියලු දෙනා ඉරාන ජාතිකයො
FM Heart · 2 min read
මත්ද්‍රව්‍ය තොගය මුහුදට විසිකරලා කිලෝ 5 ක් අත්අඩංගුවට විශාල මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දෙවුන්දරට දකුණින් වූ ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී නාවික හමුදාව මගින් ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියලු දෙනා ඉරාන ජාතිකයන් බව විමර්ශනවලින් හෙළිවී ඇත. නාවික හමුදා නිලධාරීන් මෙම බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරද්දී එහි සිටි ඉරාන ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය මුහුදට දමා ඇති බව, නාවික හමුදා ආරංචි මාර්ග පැවසීය. සැකකාර ඉරාන ජාතිකයන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් බවට සැකකරන මත්ද්‍රව්‍ය කිලෝ 05 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කීපදෙනකුට අයත් බවට සැක පහළ කරයි. ඉරාන ජාතිකයන් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාව ආසන්න මුහුද වෙත ගෙන එමින් තිබී ඇත්තේ ඒවා මෙරට ජාවාරම්කරුවන් වෙත ලබාදීම සඳහාය. එහෙත් මත්ද්‍රව්‍ය තොගය මෙරට ජාවාරම්කරුවන්ට ලබාදීමට පෙර ඒවා ගැඹුරු මුහුදේදීම අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන්ට හැකිවිය. නාවික හමුදාව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රීය හවුල්කරුවන් සමග එක්ව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සාර්ථකව සිදුකරන ලදී. ඒ අනුව නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සමග ධජ… රහිත යාත්‍රාව මේ වනවිට ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට ගොඩබිමට ඊයේ (27දා) රැගෙන එමින් තිබිණි. ඉන්දියානු සාගරයේ ඇති නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සිදුකළ ශක්තිමත් සම්බන්ධීකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකිවිය. කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා බුද්ධි තොරතුරු සහ සමුද්‍රීය තර්ජන තක්සේරු කිරීම් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත ඒකාබද්ධ කෙරෙන බවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග සිදුකෙරෙන ඒකාබද්ධ ගුවන් ආවේක්ෂණ සහ නිරීක්ෂණ මගින් සාගරයේ නිරීක්ෂණ වපසරිය පුළුල් කර ඇති බවත් නාවික හමුදාව කියයි. හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

