FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පරිගණක පද්ධති දෙක එකිනෙකට සම්බන්ධ නෑලු…ආදායම් බලපත්‍ර හරව ගන්න කොළඹ යන අය අමාරුවේ

FM Heart · 2 min read

The Heart Academy
කොළඹ පොලිස් ලොක්කොත් දන්නේ නැතිලු මෑතක දී වෙනත් අයගෙන් මිලදී ගත් වාහනයකට අදාළ ආදායම් බලපත්‍රය තමාගේ නමට ගැනීමට කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට යන අයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‍තමේන්තුව හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අතර ඇති පරිගණක තොරතුරු පද්ධතියේ ගැටලු සහගත තත්ත්වය නිසා දැඩි අපහසුතා විඳ යළි හැරී ඒමට සිදුව ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‍තමේන්තුවේ සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පරිගණක දත්ත පද්ධති දෙකේ තොරතුරු එකිනෙකට සම්බන්ධ නොවීම නිසා කටයුතු ඉටුකර දියනොහැකි බව කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බලධාරීන් පවසන්නේ යැයි සිද්ධියට මුහුණ පෑ පිරිස් පවසති. මෙම ගැටලුව කාලයක සිට පවතින බවද වාර්‍තා වේ. වෙනත් අයකුගෙන් මිලදී ගත් වාහන ආදායම් බලපත්‍රයක් සිය නමට හරවා ගැනීමට බොහෝ පිරිසක් දිනකට කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ඇදී එති. එම තොරතුරු පද්ධතිය කවදා සකස් කරාවිද යන්න නොදන්නා බවත් එම සේවකයන් පැවසූ බවද අපහසුතාවයට පත් පිරිස් පවසති. මෙම තත්ත්වය හමුවේ ආදායම් බලපත්‍ර තම නමට හරවා ගැනීමට නොහැකි නිසා තමන්ට නීත්‍යානුකූලව සිය වාහනයෙන් යෑමට නොහැකි වී ඇතැයි ද අපහසුතාවයට මුහුණපා ඇති ජනතාව පවසති. අප මේ ගැටලුව ගැන විමසීමට ඊයේ (27දා) කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ 0112437247 දුරකථනයට කීප අවස්ථාවකම ඇමැතුවද එයට ප්‍රතිචාර නොදැක්වීය. මීට අමතරව මෙම ගැටලුව ගැන පොලිස් රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ මෙම ගැටලුව ගැන තමන් නොදන්නා බවය. මෙම ගැටලුව ඉක්මනින්ම විසඳා දෙන ලෙස අපහසුතාවයට පත් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
99mobile