
ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට
FM Heart · 1 min read
S&P Global ආයතනය (ස්ටෑන්ඩර්‍ඩ් ඇන්ඩ් පුවර්) විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+/C’ මට්ටමේ සිට ‘B-/B’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව, එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවතින බව ද එම ආයතනය නිවේදනය කර ඇත. එම ආයතනය ඊයේ (27) නිවේදනයකට අනුව, ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශීය සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් ද .ක්. සිට .ඊ. දක්වා ඉහළ නංවා තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම අඛණ්ඩව වර්‍ධනය වීම සහ අභියෝගාත්මක ජාත්‍යන්තර ආර්‍ථික පරිසරයක් මධ්‍යයේ වුවද විදේශ සංචිත අඛණ්ඩව ඉහළ යෑම මෙම තීරණයට බලපෑ ප්‍රධාන කරුණු අතර වන බව එම ආයතනය පෙන්වා දී ඇත. මේ අතරම, රජයේ මූල්‍ය සහ විදේශීය තත්ත්වයන් සැලකිය යුතු ලෙස දුර්‍වල වී මූල්‍යකරණ සහ ද්‍රවශීලතා පීඩනයන් යළි ඇති වුවහොත් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සිදුවිය හැකි බවට ද එම ආයතනය තවදුරටත් අනතුරු අඟවා ඇත. ශ්‍යාම් නුවන් ගනේවත්ත

