FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නාමල්ට එරෙහිව එයාර්‍බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයි

FM Heart · 2 min read

The Heart Academy
එයාර්‍බස් සමාගම සම්බන්ධයෙන් ලොව පුරා සිදුකළ දැවැන්ත අල්ලස් හා දූෂණ විමර්‍ශනයට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් ප්‍රංශ ජාතික අධිකරණ ගිණුම් විමර්‍ශන විශේෂඥවරියක නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන එයාර්‍බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව අතැයි ඊයේ (27දා) විදෙස් මාධ්‍ය වාර්‍තා කර තිබිණි. යූස්‍ර් ඛලීල් නම් ඇය ෆොරෙන්සික් රිස්ක් එලයන්ස් ආයතනයේ හවුල්කාරිනියක වන අතර, එහි පැරිස් කාර්‍යාලයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි. අදාළ නඩුවේ පැමිණිල්ල විසින් නම් කර ඇති ප්‍රධාන සාක්ෂිකරුවන් අතර ඇයද සිටින බව වාර්‍තා වේ. එයාර්‍බස් සමාගම සම්බන්ධයෙන් වසර හතරකට ආසන්න කාලයක් පුරා රටවල් කිහිපයක ගුවන් යානා අලෙවි ගනුදෙනු ආශ්‍රිතව සිදුකළ ජාත්‍යන්තර විමර්‍ශනයේදී යූස්‍ර් ඛලීල් මහත්මිය ප්‍රධාන භූමිකාවක් ඉටුකර තිබේ. ඇය සමග එයාර්‍බස් සමාගමේ උප සභාපති කාල් හෙනසී ද මෙම නඩුවේ තවත් ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්‍තා කරයි. ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහයෝගයෙන් සිදුකළ එම විමර්‍ශනයේදී ගුවන් යානා අලෙවි ගනුදෙනු සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රියාත්මක වූ බව කියන නීතිවිරෝධී මුදල් ගෙවීම් ජාලයක් අනාවරණය කරගෙන තිබේ. ශ්‍රී ලංකාවට අදාළ එයාර්‍බස් ගනුදෙනුව, එම ජාත්‍යන්තර විමර්‍ශනයේ ශ්‍රී ලංකාවට අදාළ කොටස කේන්ද්‍රගතවී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වටිනා එයාර්‍බස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමට යෝජනා වූ ගනුදෙනුවක් සම්බන්ධයෙනි. එම ගනුදෙනුවට අදාළව එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා ඇමරිකානු ඩොලර් මිලියන 16ක කොමිස් මුදලක් ලබාගැනීමේ එකඟතාවකට පැමිණි බවට විමර්‍ශකයන් චෝදනා කර තිබේ. එම ගනුදෙනුවට සම්බන්ධ බව කියන අල්ලස් මුදල්වලින් ලැබුණු ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාටද අධිචෝදනා පත්‍රයේ චෝදනා එල්ල වී තිබේ.
99mobile